30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමරඳ මඩු මංගල්‍යය 15 වැනිදා - බැතිමතුන්ට උපදෙස් රැසක්

මරඳ මඩු මංගල්‍යය 15 වැනිදා – බැතිමතුන්ට උපදෙස් රැසක්

මන්නාරම මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මේ මස 15 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා.

මන්නාරම රදගුරු අති උතුම් එමානුවල් ප්‍රනාන්දු හිමිපාණන් පැවසුවේ මේ දිනවල මඩු හා මන්නාරම් ප්‍රදේශයට අධික වැසි පතිත වන නිසා මඩු දේවස්ථාන භූමියේ කදවුරු බැදීමට සූදානමින් පැමිණෙන පිරිස් ආලෝකය සපයා ගැනීම සූදානම්ව පැමිණෙන ලෙසත්, අධික සීතලට හා වැස්සට ඔරොත්තු දෙන ආකාරයේ ඇදුම් පැලදුම් සකස් කරගෙන පැමිණෙන ලෙසයි.

බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් හා ආහාර පාන පහසුකම් සපයා දීම යුද හමුදා, පොලිස්, නාවික හමුදා නිලධාරීන් විසින් සපයනු ලබනවා.

මෙවර මඩු මංගල්‍යය සඳහා බැතිමතුන් ලක්ෂ පහක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.