― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඡන්දය දිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්

ඡන්දය දිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් විසින් ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

අද (02) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මේ බව පැහැදිලි කළේ.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මනාප සටහන් කරන්නේ නම් ඒ සඳහා ඉලක්කම් පමණක් භාවිතා කළ යුතු බවයි.

අපේක්ෂකයින් තිදෙනෙක් සඳහා පමණක් මනාප සලකුණු කළ හැකි අතර ඊට වඩා මනාප සලකුණු කරන්නේ නම් එම ඡන්දය අවලංගු වනු ඇති.