27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොරි රථ අනතුරකින් නයිජීරියාවේ 48ක් ජීවිතක්ෂයට

ලොරි රථ අනතුරකින් නයිජීරියාවේ 48ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ Agaie හි අධිවේගී මාර්ගයේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් තවත් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ඛේදජනක අනතුරින් පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙලෙස ට්‍රක් රථ දෙක ගැටීමෙන් අනතුරුව පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර පිළිබඳව දැනුම් දීමත් සමඟ ගිනි නිවන හමුදාව සහ පොලිසිය එම ස්ථානයට ගොස් බරපතළ තුවාල ලැබූවන් බේරාගෙන ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.