26.7 C
Colombo
Saturday, May 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු පොලිස්පති පාස්කු වන්දිය ගෙවා අවසන්

හිටපු පොලිස්පති පාස්කු වන්දිය ගෙවා අවසන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදල හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙවා අවසන් කර තිබෙනවා.

අධිකරණ ආරංචිමාර්ග පවසන්නේ ඔහු එම වන්දි මුදල වාරික 08කට ගෙවා ඇති බවයි.

ඒ අනුව හිටපු පොලිස්පතිවරයා පසුගිය අගෝස්තු මස 30 වැනිදා ගෙවා අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට මෙම වන්දි මුදල ගෙවන ලෙස නියෝග කළා.