― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentපාපැදි - යතුරුපැදි අනතුරකින් තිදෙනෙක් රෝහලේ

පාපැදි – යතුරුපැදි අනතුරකින් තිදෙනෙක් රෝහලේ

පෙර පාසල් නිමවූ මිණිබිරියව පාපැදියේ තබාගෙන නිවස කරා රැගෙන එමින් සිටි 75 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අළුබෝමුල්ල පොලිසිය පැවසුවේ අනතුරෙන් තුවාල ලැබූ පාපැදිකරු හා කුඩා දැරිය රෝහල්ගත කර ඇති බවයි.

පානදුර – හොරණ මාර්ගයේ පින් කොටුව ප්‍රදේශයේදී මිණිබිරිය පාපැදියේ තබාගෙන මාර්ගය හරහා යමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙක් පානදුර දෙස සිට අධික වේගයෙන් බණ්ඩාරගම දෙසට ගමන් ගත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරුපැදි කරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවයි.

අනතුරින් යතුරුපැදිකරු, පාපැදිකරු හා කුඩා දැරිය පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ සිටි වයෝවෘද්ධ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇති මිණිබිරිය සහ වයෝවෘද්ධ පුද්ගලයා අළුබෝමුල ජනප්‍රිය මාවතේ පදිංචිකරුවන් වන අතර යතුරුපැදිකරු පානදුර එළුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

අනතුරින් පාපැදියට සහ යතුරුපැදියේ ඉදිරි කොටසට හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අළුබෝමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.