27.8 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...

රට ගොඩ දැමීමට තමා සතුව සැලැස්මක් ඇති බවත් මහින්ද රාජපක්ෂ යුගයේ ගත් හැම ණයකටම තමා වගකියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ගත් හැම ණයකටම මේ මහ පොළොවට වටිනාකමක් දී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බවයි.

“පහුගිය කාලේ අපෙන් ඇහුවා මේ මැතිවරණවලට මුහුණදෙන්න බයද කියලා අරගලෙන් පස්සේ. අපේ අතේ ලේ නෑ. වැරදි කරලා නෑ. අපි ගැන වෙනස් අවබෝධයක් තියෙන්න ඇති. වැරදි මතයක් තියෙන්න ඇති, හැබැයි අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා ඡන්දයක් දෙන්න කියලා ඉල්ලන්න අපිට ආත්ම ශක්තියක් තියනවා. ඒ ආත්ම ශක්තිය අපිට ගොඩනැගිලා තියෙන්නෙ අපි නිර්දෝශී නිසා සහ අපි හැදිච්ච දේශපාලන පරිසරයත් එක්ක.”