26.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා සියලු සුරාසැල් හෙට, අනිද්දා වැසෙයි

දිවයින පුරා සියලු සුරාසැල් හෙට, අනිද්දා වැසෙයි

හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට දිනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මෙලෙස දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා දැමීමට තීරණය කළ බවයි සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි පැවසුවේ.

එම දෙදින තුළ මෙම නීතිය කඩ කරන්නන් සොයා විශේෂ නිරීක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර නීති කඩකිරීමක් සිදු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.