26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකන්ටේනරයක ගැටී යතුරු පැදිකරු මරුට

කන්ටේනරයක ගැටී යතුරු පැදිකරු මරුට

කඩුවෙල දෙසින් අංගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් අවිස්සාවේල්ල-කොළඹ මාර්ගයේ අඹතල ප්‍රදේශයේ, මාර්ගයේ අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපසට ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (02) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ, උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මුල්ලේරියාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.