28.2 C
Colombo
Friday, March 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහොරෙන් ගෙනා දුම්වැටි සමග කාන්තාවක් අත්අඩංගුවට

හොරෙන් ගෙනා දුම්වැටි සමග කාන්තාවක් අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක වටිනාකමින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෝකන්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක් වන මෙම කාන්තාව පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මූල්‍ය කළමනාකාරිනියක් ලෙස සේවය කරයි. ඇය පෙබරවාරි 03 වන දින අලුයම 1.45ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.

නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂණයකදී ඇගේ ගමන් මලු තුළින් දුම්වැටි කාටූන් 235ක් හමු වී ඇති අතර, ඒවායේ දුම්වැටි 47,000ක් අඩංගු වී තිබේ. මෙම දුම්වැටි තොගය තීරුබදු නොගෙවා රට තුළට ගෙන ඒමට උත්සාහ දරා ඇත.

දැනට පොලිස් ඇප මත නිදහස් කර ඇති සැකකාරිය පෙබරවාරි 05 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.