28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රසිද්ධ කී බෝඩ් වාදන ශිල්පියාගේ සිරුර මහ මඟ තිබී සොයාගැනේ

ප්‍රසිද්ධ කී බෝඩ් වාදන ශිල්පියාගේ සිරුර මහ මඟ තිබී සොයාගැනේ

ගායන සහ විදුලි ඕගන් වාදන ශිල්පියෙකුගේ මළ සිරුරක් මාර්ගයක තිබී හමු වූ බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කරනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ හලාවත, මනක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දික රොෂාන් නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

විජයකටුපත ප්‍රදේශයේ මාර්ගයක පුද්ගල මළ සිරුරක් තිබෙන බවට ඊයේ (17) රාත්‍රියේ ලැබුණු තොරතුරක් මත
ආරච්චිකට්ටුව පොලිසිය එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භකර තිබෙනවා.

මිය ගොස් ඇති පුද්ගලයාගේ සිරුරේ බාහිර තුවාල සිදුවීමක් දක්නට නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා