27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ.

අද (18) සිට 25 දා දක්වා දෙවැනි වර කියැවීමේ විවාදය දින 7ක් පැවැත්වේ. දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පෙබරවාරී 25දා පස්වරු 6ට සිදු කිරීමට නියමිතය. ඉන්පසුව අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අය-වැය පිළිබඳ තෙවැනිවර කියැවීම පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතය. ඉන් පසුව විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ. මේ අනුව සමස්ත අය-වැය විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතය.