25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි වේගයෙන් පැමිණි යතුරු පැදිය විදුලි කණුවක ගැටෙයි

විදුලි වේගයෙන් පැමිණි යතුරු පැදිය විදුලි කණුවක ගැටෙයි

වවුනියාව සිට මන්නාරම දක්වා වු මාර්ගයේ වවුනියාව,පම්පමඩුව ප්‍රදේශයේදී ඊයේ(17) සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ වවුනියාව පරයානන්කුලම සිට වවුනියාව දෙසට ගමන්ගත් යතුරුපැදියක වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ගය ආසන්නයේ විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වු යතුරුපැදිකරු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර,යතුරුපැදියේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.