― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු පා.ම ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට

හිටපු පා.ම ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.

මෙම නීති විරෝධී ක්‍රියාව වන්නේ සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධී ලෙස එකලස් කර එහි කොටස් වෙන් කර සඟවා තැබීමයි. මීට අදාළ කොටස් කිහිපයක් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් පසුගිය 06 වැනි දින අලුයම සොයාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා හෙට දින (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.