― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි!

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි!

සිනමාව සහ පුංචි තිරය තුළ සිය සුවිශේෂී දායකත්වයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ කලා දිවියේ සදා මතකයේ රැඳුණු අවස්ථාවන් අතරින් එකක් වන්නේ “තාරාවෝ ඉගිලෙති” නාට්‍යයේ අන්තර්ගත “සෝබාව දේ මෙපුර – සිරි විසිතුරු” ගීතය ගායනා කිරීමයි. එම ගීතය හරහා දිගු කලක් පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් කලාකරුවෙකු ලෙස ඔහුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය “මනමේ” නාට්‍යයේ මනමේ කුමරුගේ ප්‍රධාන චරිතය ජීවමාන ලෙස නිරූපණය කිරීම ඔහුගේ කලා දිවියේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

රංගන ශිල්පියෙකු වශයෙන් පමණක් නොව, දක්ෂ උඩරට නර්තන ශිල්පියෙකු ලෙසද කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්වූ ගාමිණී සමරකෝන් මහතා, සිනමාව සහ ටෙලිනාට්‍ය කලාවටද සිය දක්ෂතාවය සහ කැපවීම නොමසුරුව එක් කළේය.

“නරි බෑනා”, “කදාවළලු”, “මධුර ජවනිකා”, “සක්කාය දිට්ඨි” සහ “අසාත මන්තරේ” වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක රංගනයෙන් දායක වූ ඔහු, “ගේ කුරුල්ලෝ”, “මලට නොඑන බඹරු”, “අළු යට ගිනි”, “භේරුණ්ඩ පක්ෂියා” සහ “සුදු අප්පච්චි” ඇතුළු සිනමා නිර්මාණවලද සිය රංගන කුසලතාව ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයේ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනැඟූ විශිෂ්ට කලාකරුවෙකු ලෙස මතකයේ රැඳී සිටියි.