― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිල අඩු­වී­මෙන් බහ­ලුම් ප්‍රවා­හන ගාස්තු 3%කින් පහ­ළට

ඉන්ධන මිල අඩු­වී­මෙන් බහ­ලුම් ප්‍රවා­හන ගාස්තු 3%කින් පහ­ළට

ඩීසල් මිල සංශෝධනයට සමගාමීව දිවයින පුරා බහලුම් (කන්ටේනර්) ප්‍රවාහන ගාස්තු සියයට 3කින් අඩු කිරීමට තීරණය කර ඇති බව බහලුම් ප්‍රවාහකයන්ගේ සංගමය පවසයි.

ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් තම සංගමය ක්‍රියාත්මක කරන මිල සූත්‍රයට අනුව ආනයන හා අපනයන භාණ්ඩ ප්‍රවාහන ගාස්තු මෙලෙස සංශෝධනය කරන බව එම සංගමයේ උප සභාපති සරත් කහදවආරච්චි මහතා සඳහන් කළේය.

බහලුම්වල බර පන්තිය අනුව අය කෙරෙන ගාස්තු වල සුළු වෙනස්කම් පැවතිය හැකි වුවද, සමස්තයක් ලෙස සියලුම ප්‍රවාහන ගාස්තු සියයට 3කින් අඩුවන බවද ඔහු තහවුරු කළේය.