අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු කර මුදල් උපයා ගත හැකි බව පවසා රුපියල් 4,386,219 ක මුදලක් වංචා කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් ඔස්සේ සම්බන්ධතා ගොඩනගාගෙන මෙම වංචාව සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.
සැකකරු විසින් රුපියල් හතලිස් තුන් ලක්ෂ අසූ හය දහස් දෙසිය දහනවයක මුදලක් වංචා කර ඇති අතර, එම මුදලින් රුපියල් ලක්ෂ 5ක් සාවද්‍ය ලෙස භාවිතා කර ඇති බවද හෙළිවී තිබේ.
බේරුවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


