― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ලේ ගරාජයක් පිටුපසින් බෝම්බයක් සහ උණ්ඩ

ගාල්ලේ ගරාජයක් පිටුපසින් බෝම්බයක් සහ උණ්ඩ

ගාල්ල බෝපෙ ප්‍රදේශයේ පිහිටි ගරාජයක පිටුපස ඇති ඉඩමක සඟවා තිබූ අත්බෝම්බයක් සහ 9mm වර්ගයේ උණ්ඩ හයක් සොයාගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදු කළ පරීක්ෂාවේදී, ගරාජය පිටුපස ඉඩමේ අඩි තුනක් පමණ දිග එස්ලෝන් බටයක් තුළ සඟවා තිබූ මෙම අත්බෝම්බය සහ උණ්ඩ හය හමුවී ඇති බව සඳහන් වේ.

එම ගරාජය වසර හතළිහක් පුරා එම ස්ථානයේ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මෙම අවි ආයුධය කිසියම් පුද්ගලයෙකු විසින් එහි සඟවා දමා ගොස් ඇති බවට සැක පළ කරන බවත් පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.