― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් මිල පහළ යාම සැලකිල්ලට ගනිමින්, එහි වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමේ අරමුණින් ලිට්රෝ ගෑස් සමාගම සිය ගෑස් සිලින්ඩර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද (03) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමා ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 4,465ක් ලෙස නියම කර ඇත.

තවද, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,792ක් වේ.

මීට අමතරව, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 55කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 835ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.