ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර ඇති පරිදි, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම ගාස්තු වෙනස්කම් සඳහා පසුගිය 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, නව ගාස්තු ව්‍යුහය ගාස්තු සූත්‍රයේ පිරිවැය සාධකවල සිදුවූ වෙනස්වීම් සහ ව්‍යුහමය විෂමතා සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කෙරේ.
එහිදී 100 කිලෝමීටර්ට අඩු සාමාන්‍ය බස් සේවාවන් සඳහා, පිරිවැය වැඩිවීම පමණක් පදනම් කරගෙන බස් ගාස්තු සියයට 12කින් ඉහළ දැමීමට නියමිතය.
කිලෝමීටර් 100 හෝ ඊට වැඩි සාමාන්‍ය සේවාවන් සඳහා, පිරිවැය වැඩිවීම සහ ගාස්තු ව්‍යුහයේ විෂමතා ඉවත් කිරීමද සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සියයට 20කින් වැඩි කෙරේ.
ඒ වගේම, 100 කිලෝමීටර්ට අඩු සියලුම සුඛෝපභෝගී බස් සේවාවන්හි ගාස්තු, දැනට පවතින සුඛෝපභෝගී ගාස්තුව මත පදනම්ව සියයට 12කින් ඉහළ දමනු ඇත.
කිලෝමීටර් 100 හෝ ඊට වැඩි සුඛෝපභෝගී සේවාවන් සඳහා, වත්මන් ගාස්තුවට සාපේක්ෂව සියයට 15ක වැඩිවීමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අර්ධ සුඛෝපභෝගී සේවාවන් සම්බන්ධයෙන්, අධිකරණයේ පවතින නඩුවක් හේතුවෙන්, ඉහත සඳහන් 1 සහ 2 යටතේ ඇති සාමාන්‍ය බස් ගාස්තු වැඩිවීම් මත පදනම්ව 1.5 ගුණයක අනුපාතයකින් ගාස්තු සංශෝධනය කර ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.


