― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසූර්වී රිය ධාවනය කළැයි හම්බන්තොට ප්‍රා.සභා නියෝජ්‍ය නගරාධිපති අල්ලයි

සූර්වී රිය ධාවනය කළැයි හම්බන්තොට ප්‍රා.සභා නියෝජ්‍ය නගරාධිපති අල්ලයි

බීමත්ව රිය පැදවූ බවට සැකකරමින් හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අම්බලන්තොට රොටවල හන්දිය ආසන්නයේ මාර්ග යතුරුපැදි සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් කැබ් රථයක් නවත්වා සිදු කළ පරීක්ෂාවකදී එහි රියදුරු මත්පැන් භාවිත කර සිටින බවට සැකසහිත තත්ත්වයක් අනාවරණය වී ඇත.

ඉන් අනතුරුව ඔහු පොලීසියට රැගෙන ගොස් සිදු කළ වැඩිදුර පරීක්ෂණයේදීද රියදුරු බීමත්ව සිටි බව තහවුරු වී ඇති බව සඳහන් වේ.

පසුව සිදු කළ විමර්ශනවලදී එම රියදුරු හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා බව හඳුනාගෙන තිබේ.

ඔහු හම්බන්තොට මහ නගර සභාවේ බලය හිමි සමගි ජන සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඔහු ලබන 09 වනදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතය.