මීගමුව බන්ධනාගාරයේ අද (05) දහවල් රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන තිබේ. එම සිදුවීමෙන් අනතුරුව පිරිමි රැඳවියන් කිහිපදෙනෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහලය මතට නැග විරෝධතාවක් ආරම්භ කළ බව වාර්තා වේ.
එම විරෝධතාවය අතරතුර අද පස්වරුවේ වහලයේ කොටසක් කඩාවැටී ඇති අතර, එහිදී තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


