මීගමුව බන්ධනාගාරය තුළ තත්ත්වය යළිත් වරක් නොසන්සුන් වී ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය යම් ලෙස පාලනය කර තිබුණද, මේ වනවිට නැවතත් එහි නොසන්සුන්තාවක් මතුව ඇති බව සඳහන් වේ.
ඊයේ පස්වරු 1ට පමණ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ. එම ගැටුම රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් සහ දඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින රැඳවියන් අතර සිදුවූවක් බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 38 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.


