― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන තවත් ඉහළට

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන තවත් ඉහළට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 25 දෙනෙකු මියයයි – 100කට ආසන්න පිරිසක් තුවාල ලබති

අද (06) උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

එම සිද්ධියෙන් තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

මීගමුව රෝහලේ තොරතුරු අනුව, මියගිය පුද්ගලයන්ගේ මෙන්ම තුවාල ලැබූ කිහිපදෙනෙකුගේද සිරුරුවල වෙඩි ප්‍රහාර හේතුවෙන් සිදුවූ තුවාල නිරීක්ෂණය වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, රැඳවියන් පිරිසක් අද උදෑසන සංවිධානාත්මක ලෙස එල්ල කළ ප්‍රහාර මත මෙම ගැටුම හටගත් බවයි. එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙඩි තැබීමටද පියවර ගෙන තිබුණි.

මෙම සිද්ධිය වාර්තා වූයේ, ඊයේ (05) බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යම රාත්‍රිය වන විට පාලනය කර තිබූ පසුබිමකදීය.

කෙටිකාලීන සිරදඬුවම් විඳින රැඳවියන් සහ රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික සංඛ්‍යාවක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ, රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ඊයේ පස්වරුවේ ගැටුමක් හටගෙන තිබුණි.

එම ගැටුමේදී රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.

වාර්තා වන පරිදි, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කළ බවට එල්ල වූ චෝදනාවක් මෙම ගැටුමට හේතු වී ඇත.