මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද පස්වරුවේ දළදා මාලිගා පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම දින වකවානු ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන සම්පූර්ණ කාලසටහන පහතින් .
කප් සිටුවීම – අගෝස්තු 13 වැනිදා පෙරවරු 6.17 ට යෙදෙන සුබ නැකතින්.
දේවාල අභ්‍යන්තර පෙරහැර – අගෝස්තු 13 සිට 17 වැනිදා දක්වා (නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාල අභ්‍යන්තරයේ දින 5ක් පුරා පැවැත්වේ).
කුඹල් පෙරහැර – අගෝස්තු 18 වැනිදා සිට 22 වැනිදා දක්වා වීදි සංචාරය කෙරෙනවා .
පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 වැනිදා ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වැනිදායි පැවැත්වෙන්නේ .
දිය කැපීම සහ දහවල් පෙරහැර – පසුදින, එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ මංගල්‍යය සහ දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා .


