බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට වැසි – ප්‍රදේශ කිහිපයකට තද සුළං පිළිබඳ අවවාද
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වාර කිහිපයකදී වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමන අවස්ථා ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.


