බලපත්‍ර නොමැතිව රන් තොගයක් රැගෙන ආ ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
රුපියල් 1,94,85,514ක් පමණ වටිනා රන් තොගයක් බලපත්‍ර නොමැතිව සහ රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි පුද්ගලයෙකු අද (දිනය) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව පොලිසිය සඳහන් කරයි.
ඔහු ඩුබායි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර, එහිදී සිදු කළ පරීක්ෂාවේදී ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබූ රන් භාණ්ඩ සොයාගෙන ඇත.
එම රන් තොගයට ග්‍රෑම් 271යි මිලිග්‍රෑම් 480ක් බරැති කරමාළ 12ක්, අත් පළඳනා 10ක් සහ රන් බිස්කට් 2ක් ඇතුළත් බව අනාවරණය වී තිබේ.


