අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළට
ශ්රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (09) දිනයේදී තවදුරටත් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත දත්තවලින් පෙන්නුම් කරයි.
එම දත්ත අනුව, අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.8686ක් ලෙස වාර්තා වී ඇති අතර, ගැනුම් මිල රුපියල් 331.3476ක් ලෙස සටහන් වී ඇත.
මේ අතර, ඊයේ (08) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.7382ක් ලෙසත්, ගැනුම් මිල රුපියල් 330.2889ක් ලෙසත් වාර්තා වී තිබූ අතර, අද දිනයේ එම අගයන් ඉහළ යාමත් සමඟ රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.


