තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ රැසකට බලපැවැත්වේ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම, සබරගමුව, උතුරු-මැද පළාත් සහ පුත්තලම, හම්බන්තොට, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං සම්බන්ධ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
අද (09) පෙරවරු 11.00 සිට හෙට (10) පෙරවරු 11.00 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යාමේ හැකියාව පවතින බවද නිවේදනයේ දැක්වේ.
එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගනු ඇති බවටද අනතුරු අඟවා තිබේ.
තවද, මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.


