― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය අද ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය අද ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

ග්‍රාම නිලධාරි වසම් 42කට සුරක්ෂිත පානීය ජලය සැපයෙන තඹුත්තේගම ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට

ග්‍රාම නිලධාරි වසම් 42ක් ආවරණය කරමින් පවුල් 25,000කට සුරක්ෂිත පානීය ජලය සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ඊට අමතරව, ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කැබිතිගොල්ලෑව ජල සම්පාදන ව්‍යාපෘතිය රුපියල් බිලියන 32ක මුදලක් වැය කරමින් ඉදිකර ඇත.

තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ අදාළ ප්‍රදේශවල ජනතාවට පිරිසිදු හා සුරක්ෂිත පානීය ජලය අඛණ්ඩව ලබාගැනීමේ පහසුකම් සැලසෙනු ඇත.

පානීය ජල ක්ෂේත්‍රයේ සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ජල සම්පාදන හා කළමනාකරණ ව්‍යාපෘති රැසක් මේ වන විටත් රජය විසින් ආරම්භ කර තිබේ.

මෙරට ජනතාවට පිරිසිදු සහ සුරක්ෂිත පානීය ජලය ලබාදීම වෙනුවෙන් මෙම වසර තුළ පමණක් රුපියල් බිලියන 175ක මුදලක් රජය වෙන් කර ඇති බව ද සඳහන් වේ.

එමෙන්ම, කිවුල් ජලය භාවිත කිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීම තුළින් හඳුනා නොගත් වකුගඩු රෝගය වැළැක්වීම සහ එම ගැටලුව අවම කිරීම ද මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණක් ලෙස සැලකේ.