ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් පසුගියදා සිදුවුණා.
පසුගිය 08 වැනිදා පැවැති මෙම හමුව නාවික හමුදාපතිවරයා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කෙරුණු ප්‍රථම නිල හමුව වන අතර මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ අනුව සම්ප්‍රදායන්ට අනුකූලව මෙම නිල හමුවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති ධුරයට පත්වීම නිමිත්තෙන් ජනාධිපතිවරයා විසින් නාවික හමුදාපති වෙත සිය සුබ පැතුම් පිරිනමනු ලැබුවා.
තවද මෙම නිල හමුවීම සනිටුහන් කරමින් නාවික හමුදාපති විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා


