හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට ඉරානයෙන් තීරණයක්
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ, නැවත දැනුම්දෙන තුරු එම මුහුදු මාර්ගය භාවිතය සීමා කරන බවයි.
මෙම තීරණය ගෙන ඇත්තේ සයිප්‍රස් ධජය යටතේ ධාවනය වූ නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක් ඔස්සේ ගමන් කළ බවට චෝදනා කරමින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් බවද වාර්තා වේ.
එම සිදුවීමෙන් පසු එක්සත් ජනපදය ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපදය විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන අතර කලාපයේ පිහිටි නව අමෙරිකානු හමුදා කඳවුරුද ඉලක්ක කරන බවයි.
මේ අතර, මෙම සතිය තුළ ඕමාන් මුහුදු සීමාව හරහා එක්සත් ජනපදය නිර්දේශ කළ නාවික මාර්ගයක් භාවිත කළ වාණිජ නෞකා තුනකට ඉරානයෙන් ප්‍රහාර එල්ල වී තිබේ.
එම ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස ඉරානයට එරෙහි තුන්වන වටයේ ප්‍රහාර මේ වන විටත් දියත් කර ඇති බව එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත.
සතිය තුළ වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් පසුව, ඉරානයට එරෙහි යුද ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට එක්සත් ජනපදය පියවර ගත් බවද වැඩිදුරටත් වාර්තා වේ.


