― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං පිළිබඳ කාලගුණ අවවාදයක්

පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං පිළිබඳ කාලගුණ අවවාදයක්

මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා තද සුළං තත්ත්වයක් සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

දිවයින හරහා බලපැවැත්වෙන සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වූ මුහුදු ප්‍රදේශ සඳහා ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇති බව සඳහන් වේ.

ඒ අනුව, මෙම කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාව වෙත දැනුම් දී ඇත.