― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් බාරයට පත් වූ කුඩ්ඩාට ඇමතුම් 76ක්

පොලිස් බාරයට පත් වූ කුඩ්ඩාට ඇමතුම් 76ක්

කන්දකුලිය අයිස් ජාවාරම්කරු අත්අඩංගුවේ සිටියදීත් ගනුදෙනුකරුවන්ගෙන් ඇමතුම් 76ක්

කන්දකුලිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පොලිස් ක්ෂණික විහිදුම් බලකා ඒකකය මගින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු එම ඒකකයේ රඳවා සිටියදී, ඔහුගෙන් මත්ද්‍රව්‍ය ලබාගැනීමට සම්බන්ධ පුද්ගලයින් 76 දෙනෙකුගෙන් දුරකථන ඇමතුම් ලැබී ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකුලිය රෙඩ්බානාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් කල්පිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවකට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ලැබුණු තොරතුරක් මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ පොලිස් ක්ෂණික විහිදුම් බලකා ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.