― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

බුත්තල – කතරගම මාර්ගයේ රිය අනතුරකින් දෙදෙනෙකුට තුවාල

බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගයේ පහළොව කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනා බුත්තල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව එක් තුවාලකරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගෝනගංආර පොලීසිය විසින් සිදුකරමින් පවතී.