― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙම වසරේ ඩෙංගු රෝගීන් 67,000 ඉක්මවයි – දින 10කදී රෝගීන් 11,764ක්

මෙම වසරේ ඩෙංගු රෝගීන් 67,000 ඉක්මවයි – දින 10කදී රෝගීන් 11,764ක්

මෙම වසරේ මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,143 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එමෙන්ම ඩෙංගු ආශ්‍රිත මරණ 47ක් වාර්තා වී තිබේ.

විශේෂයෙන්ම පසුගිය දින 10ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 11,764 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා යමින් පවතින බව ද එම ඒකකය සඳහන් කරයි. පසුගිය 8 වනදා රෝගීන් 1,300ක්, 9 වනදා 1,030ක් සහ 10 වනදා 1,079 දෙනෙකු ලෙස වාර්තා වී ඇත.

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟ දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 175 දක්වා වැඩි වී තිබේ.

මේ අතර සිසුන් රැසකට ඩෙංගු වැළඳීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘත කිරීමට නියමිතය. විශ්වවිද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා යුද හමුදාව සහ නාවික හමුදාව ද සහාය ලබා දී තිබේ. විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ආචාර්ය චානී ඉඹුල්ගොඩ මහත්මිය සඳහන් කළේ හෙට සිට සාමාන්‍ය අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන බවයි.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා විශේෂ මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක වේ. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පවතින බැවින් ගණේමුල්ල ගලහිටියාව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක ඩෙංගු රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශවල සේවය කළ පුද්ගලයන් බව වාර්තා වේ.

එමෙන්ම කළුතර දොඩංගොඩ නගරය සහ ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහනක් රාජ්‍ය ආයතන නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහරගම නගර සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව සංවිධානය කළ ඩෙංගු මර්දන වැඩසටහනක් ද මහරගම නගරයේදී ක්‍රියාත්මක කර තිබේ.