අමෙරිකාව සහ ඉරානය අතර මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම වර්ධනයත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ තවත් දින 60ක සාකච්ඡාවකින් අනතුරුව ගැටුම් අවසන් කිරීම අරමුණු කරමින් පසුගිය මාසයේදී අත්සන් තැබූ අමෙරිකා–ඉරාන අතුරු ගිවිසුමේ අනාගතය පිළිබඳ නව සැකයන් මතුව ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය සියතට ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.
මේ පිළිබඳ අදහස් දක්වා ඇති අමෙරිකානු මධ්‍යම අණදෙන බලඇණිය සඳහන් කරන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන සිවිල් නාවික යාත්‍රා සහ වාණිජ නෞකා වෙත එල්ල විය හැකි ප්‍රහාරවල හැකියාව අවම කිරීමේ අරමුණින් ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කළ බවයි.
එසේම, පසුගිය සති අන්තයේ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාකර් කලීබාෆ් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා ඇත්තේ, “ඒකපාර්ශ්වික ගිවිසුම්වල යුගය අවසන්. අපි ඔබට කිව්වා: ඔබේ පොරොන්දුව රකින්න, නැත්නම් වන්දිය ගෙවන්න. යථාර්ථය දැන් අප ඉදිරියේ ඇත.” යනුවෙනි.
පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුම්වලින් අනතුරුව, අමෙරිකානු හමුදා කඳවුරු පිහිටි රටවල් ඉලක්ක කර ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගල්ෆ් කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අස්ථාවර වී ඇති බව වාර්තා වේ.
මේ අතර, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට බාධා කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, එම තත්ත්වය ලෝක උද්ධමනය තවදුරටත් උග්‍ර කිරීමට බලපා ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වේ.


