ශ්‍රී ලංකාවේ මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය ක්ෂේත්රයේ වර්ධනයක් පෙන්නුම් කරමින් 2026 වසරේ මුල් මාස පහ අවසන් වන විට රජය රුපියල් බිලියන 197.3ක සමස්ත අයවැය අතිරික්තයක් වාර්තා කර තිබේ.
මෙම අතිරික්තය අප්‍රේල් මාසය වන විට වාර්තා වී තිබුණේ රුපියල් බිලියන 105ක් ලෙසය.
එමෙන්ම, බදු ආදායම ද සියයට 28.3ක වර්ධනයක් අත්කරගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, ප්‍රාථමික අතිරික්තය රුපියල් ට්‍රිලියන 1.13ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රජයේ සමස්ත ලැබීම්වල සියයට 30.6ක කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.
මෙම තත්ත්වය ඇති වී ඇත්තේ රාජ්‍ය වියදම් පාලනය කරමින් එහි වර්ධනය සියයට 7.4ක මට්ටමක පවත්වා ගැනීමට රජය සමත්වීමත් සමඟය.
2025 වසරේ රාජ්‍ය ආදායම සහ ප්‍රදානවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 1942.36ක් ලෙස වාර්තා වී ඇති බව ද අදාළ වාර්තාවේ දැක්වේ.


