හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද අභාවප්රාප්ත ප්රවීණ ගායනවේදිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති ඇයගේ දේහය වෙත ගිය හිටපු ජනාධිපතිවරයා අවසන් ගෞරව පුද කළ අතර, එහි පැමිණ සිටි කලාකරුවන් සහ මරියසෙල් ගුණතිලක මහත්මියගේ පවුලේ ඥාතීන් සමඟද සුහද කතාබහක නිරත විය.


