කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (14) අළුයම් කාලයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ සිදු කළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 180ක ප්‍රමාණයක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 63ක් වන පිලිපීන ජාතික කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.


