― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට

ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට

දශකයකදී ශ්‍රී ලංකාවේ සජීවී උපත් සංඛ්‍යාව 120,000කට ආසන්න ප්‍රමාණයකින් පහළට

ගතවූ වසර දහය තුළ ශ්‍රී ලංකාවේ සජීවී උපත් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් සිදුව ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ඒ අනුව, මෙරට උපත් අනුපාතය අඛණ්ඩව පහළ යන තත්ත්වයක් තුළ දරු උපත් දිරිගැන්වීම සඳහා අවශ්‍ය සහයෝගය සහ දිරිගැන්වීම් ලබාදීමට රජය කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නිල දත්ත අනුව 2015 සිට 2025 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සජීවී උපත් සංඛ්‍යාව වසරින් වසර අඩුවී ඇති අතර, 2019 වසරෙන් පසු එම අඩුවීම වඩාත් පැහැදිලිව දැකගත හැකි වී තිබේ.

පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ සජීවී උපත් සංඛ්‍යාව මෙසේය.

2019 – 319,010
2020 – 301,706
2021 – 284,848
2022 – 275,321
2023 – 247,900
2024 – 220,761
2025 – 214,570

මෙම සංඛ්‍යාලේඛනවලට අනුව 2019 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලංකාවේ සජීවී උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් සියයට 33කින් පහළ ගොස් තිබේ.

බලධාරීන් පෙන්වා දෙන්නේ මෙරට උපත් සංඛ්‍යාව පහළ යාමට හේතු කිහිපයක් බලපා ඇති බවයි.

ඒ අතර විවාහය ප්‍රමාද කිරීම සහ විවාහ වන ප්‍රතිශතය අඩුවීම, ඉහළ යන ජීවන වියදම හේතුවෙන් කුඩා පවුල් සඳහා ජනතාව වැඩි කැමැත්තක් දැක්වීම, ප්‍රජනන වයසේ පසුවන තරුණ පිරිස් විදේශගත වීම, රැකියා හේතුවෙන් කලත්‍රයන් වෙන්ව ජීවත් වීම, කාන්තාවන් උසස් අධ්‍යාපනය හා රැකියා ක්ෂේත්‍රයට වැඩි වශයෙන් යොමුවීම, පවුල් සැලසුම් සහ උපත් පාලන ක්‍රම පිළිබඳ ආකල්ප වෙනස්වීම මෙන්ම වඳභාවය ආශ්‍රිත ගැටලු ද ඇතුළත් වේ.

නිලධාරීන් සඳහන් කරන්නේ රටේ ජනගහන ස්ථාවරත්වය දිගුකාලීනව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව සජීවී උපත් 330,000ත් 360,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.

කෙසේ වෙතත්, 2025 වසරේදී වාර්තා වූ සජීවී උපත් 214,570ක සංඛ්‍යාව එම අවශ්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස පහළ අගයක් බව ද නිලධාරීන් පෙන්වා දෙති.