― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි‍

මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 සීමාව පසුකර තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජනවාරි 01 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,217,956ක් ලෙස වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ජූලි මස 01 වැනිදා සිට 12 වැනිදා දක්වා පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 71,383ක් බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

ජූලි මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 16,610කි.

එම කාලය තුළ දෙවැනි වැඩිම සංචාරකයින් පිරිස එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 7,296ක් ලෙස වාර්තා වී තිබේ.

ඔස්ට්‍රේලියාවෙන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 4,656ක් වන අතර එය තෙවැනි ස්ථානයට පත්ව ඇත.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 310,293කි.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 115,863ක් සහ චීනයෙන් සංචාරකයින් 80,487ක් මෙම වසර තුළ මෙරටට පැමිණ ඇති බවද සඳහන් වේ.

තවද, වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇති මාසය ලෙස පෙබරවාරි මාසය වාර්තා වන අතර එම මාසයේදී සංචාරකයින් 279,328ක් මෙරටට පැමිණ තිබේ.