― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  ගෙන තිබෙනවා.

ඊයේ (15) දිනයේ  දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අනුපාලක ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ දෙසට ඇතුළු වීමට ගිය කාර් රථයක් පරික්ෂා කිරීමේදී අයිස් කිලෝග්‍රෑම් 02 මිලිග්‍රෑම් 554 ක් සමග මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර,  ප්‍රවාහනය සඳහා යොදාගත් කාර් රථය සහ මෙම පුද්ගලයින්  තිහගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අවුරුදු 28 හා 32 වයස්වල පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

තිහගොඩ පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.