― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනතාවට විනෝදය දෙන්න විනෝද බද්ද 5%ක් අඩුකළා

ජනතාවට විනෝදය දෙන්න විනෝද බද්ද 5%ක් අඩුකළා

කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා අවස්ථා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් අය කරන විනෝද බද්ද (Entertainment Tax) සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් සඳහන් කර තිබේ.

ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනක් මඟිනි.

නගරාධිපතිනියගේ සඳහන් කිරීම අනුව, කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාද කටයුතු සඳහා වැඩි අවස්ථා ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් 2026 අයවැය මඟින් මෙම බදු සහනය ලබාදීමට අදාළ යෝජනා අනුමත කර ඇත.

ඒ අනුව, සංශෝධිත බදු අනුපාත ඇතුළත් ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබේ.

නව සංශෝධන යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල බදු අනුපාත පහළ දමා ඇති අතර, දේශීය කලාකරුවන් සහ කලා ක්ෂේත්‍රයට වැඩි සහයෝගයක් ලබාදීමේ අරමුණින් දේශීය ප්‍රසංග සඳහා මෙතෙක් අය කළ සියයට 12ක බදු අනුපාතය සියයට 7 දක්වා අඩු කර ඇත.

මෙම බදු සහනය හේතුවෙන් ප්‍රසංග සංවිධායකයන්ට සැලකිය යුතු සහනයක් හිමිවන බැවින්, එහි ප්‍රතිලාභ ජනතාවටත් ලබාදීම සඳහා ප්‍රවේශපත්‍ර මිල ගණන් හැකි තරම් අඩු කිරීමට කටයුතු කරන ලෙස සියලු සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරන බව ද නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමඟින් වැඩි පිරිසකට කලා හා විනෝදාස්වාද අත්දැකීම් විඳීමට අවස්ථාව ලැබෙන අතර, කලා ක්ෂේත්‍රයේ වර්ධනයත් ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක විනෝදාස්වාද සේවාවන් ලබාදීමත් ප්‍රධාන අරමුණ බව ඇය පෙන්වා දී ඇත.