― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවසන් වාර්තාවට අනුමැතිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවසන් වාර්තාවට අනුමැතිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා සකස් කර ඇති අවසන් වාර්තාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමි වී තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

අධ්‍යාපන සභාව පිහිටුවීම සම්බන්ධයෙන් පත් කළ අනු කාරක සභාවේ සභාපතිවරයා වන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් අවසන් වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබිණි.

එම වාර්තාවට ඇතුළත් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා අවශ්‍ය නිර්දේශ සකස් කිරීමේ අරමුණින් අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුවක් සිදු කළ අධ්‍යයනයක ප්‍රතිඵල ලෙස ඉදිරිපත් කළ නිරීක්ෂණ හා නිර්දේශයන්ය.

වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් කාරක සභා සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා ද විමසා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ සාකච්ඡා සිදු කර, වාර්තාව ඒකමතිකව අනුමත කිරීමට කාරක සභාව පියවර ගෙන තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.