නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර ඇත.
මෙම ස්ථාන මාරුවත් සමඟ වරුණ ජයසුන්දර මහතා මින් ඉදිරියට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු ඉටු කිරීමට නියමිත බව වාර්තා වේ.


