සියලුදෙනාගේ අදහස් සළකා බලා ගොවියාත් / පාරිභෝගිකයාත් දෙපාර්ශවයටම සාධාරණ වන පරිදි තීරණය කළ, සහතික වී මිල කිසිසේත් වෙනස් නොකරන බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා.
මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සමුළුවට මහනුවර දී එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
රටක් ගොඩනැගීමට නම් රාජ්‍ය සේවය වෙනස් විය යුතු ආකාරය පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදි අදහස් පළ කළා.


