― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

අද (21) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.

අද දින වැඩසටහනට අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට සැලසුම් කර ඇත.

පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනාවක් ලෙස විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සිදු කළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳ විවාදයක් පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් සිය විමර්ශනවලදී අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම පිළිබඳව ද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.

පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට කටයුතු යොදා ඇත.

මේ අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද දිනයේ කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ, විපක්ෂයේ සියලු පක්ෂ එක්ව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, විපක්ෂයේ සියලු පක්ෂ එක්ව විශේෂ සාකච්ඡාවක් අනිද්දා පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර, එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.