හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අද හදිසි ගින්නක් හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
ගින්න හේතුවෙන් කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශය දැඩි කළු දුමාරයකින් වැසී ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින අතර, එය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කැඳවීමට නියමිත බව ද වාර්තා වේ.


