― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුරු සේවයේ දෙවන කඩඉම් විභාගයට අයදුම් කිරීමට අගෝස්තු 10 දක්වා කල්

ගුරු සේවයේ දෙවන කඩඉම් විභාගයට අයදුම් කිරීමට අගෝස්තු 10 දක්වා කල්

දිවයින පුරා ජාතික හා පළාත් පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අයදුම්පත් භාරගැනීම අගෝස්තු 10 වනදා දක්වා සිදු කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) ඒ. ජේ. එස්. එස්. එදිරිසූරිය මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි.