― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන් සාර්ථකව

යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන් සාර්ථකව

යල කන්නය සඳහා වී මිලදී ගැනීමේ වැඩසටහන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වනවා.

තාමත් යළ කන්නය සදහා වී අස්වනු නෙළන්නේ දිස්ත්‍රික් කිහිපයක පමණයි.

සෙනසුරාදා ඉරිදා දිනවල හැරෙන්නට යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය දින 4ක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගත් බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළා.

වී මිලදී ගැනීමේ කටයුතු පසුගිය 13 වනදා ආරම්භ කෙරුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන්.

මේ වනවිටත් වැඩිම ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්.

මීට අමතරව මුලතිව් කිලිනොච්චිය වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බවයි වී අලෙවි මණ්ඩලය මෙන්ම එම දිස්ත්‍රික්කවල ගොවි ජනතාව ද පවසන්නේ.

මේ වනවිට දිවයින පුරා ස්ථාන 143 කදී වී මිලදී ගැනීමේ කටයුතු සිදුකෙරෙනවා.

තවමත් තමන්ගේ වී අස්වනු නෙළා නොගත් ඇතැම් ගොවි මහතුන් තමන්ගේ වී වලට සාධාරණ මිලක් ඉල්ලා උද්ඝෝෂණය කරමින් සිටිනවා.

තමන් වෙනුවෙන් රජය කිසිවක් සිදු නොකළ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා.